පාකිස්ථානයේ අමෙරිකානු හමුදා මෙහෙයුමකදී ඝාතනයට ලක් වූ අල්-ක්වයිදා සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන්ගේ මළ සිරුර මුහුදේ ගිල්වූ බවCNN පුවත් සේවය අද (02) වාර්තා කළේය.
මේ අතර නිව්යෝක් ටයිම්ස් හෙළිකර ඇත්තේ, ඔසාමාගේ අනුගාමිකයින් හට ඔහුගේ මළ සිරුර වෙත ගෞරව දැක්වීම වැළැක්වීමටත් ඔහු වෙනුවෙන් ස්මාරක ගොඩනැගීම වැළැක්වීමටත් අමෙරිකානු රජය මෙසේ ඔසාමාගේ මළ සිරුර විනාශ කිරීමට කටයුතු කරන්නට ඇති බවය.
ඊයේ (01) රාත්‍රියේ අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනගරයට ආසන්න කඳුකර ප්‍රදේශයක් වන අබොටාබාද් හි දී අමෙරිකානු හමුදා විසින් කළ මෙහෙයුමකදී බින් ලාඩන් මිය ගිය බවය.
ඔසාමා බින් ලාඩන්ගේ ළමුන් 6 දෙනෙකු, බිරින්දෑවරු දෙදෙනා හා ඔහුගේ සමීපතම මිතුරන් හතරදෙනෙකු අද පාන්දර පාකිස්ථානු හමුදා විසින් කළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇතැයි පාකිස්ථානයේ උර්දු රූපවාහිනී සේවය පවසා ඇත. තවද ඔසාමා බින් ලාඩන්ගේ වැඩිමල් පුතුද මෙම මෙහෙයුමේදී මියගොස් ඇති බවද එම රූපවාහිනී සේවය වාර්තා කර ඇත.
No comments:
Post a Comment